"ඉරානයට එරෙහිව ප්‍රහාර 'මේ මොහොතේ' අවශ්‍ය නෑ, ඕනි වුණොත් ප්‍රහාර එල්ල කිරීමටත් සූදානම්"මැදපෙරදිග ගැටුම් අවසන් කිරීමේ ධනාත්මක තත්ත්වයක් පවතින නිසා, මේ මොහොතේ ඉරානයට එරෙහිව නව ප්‍රහාර දියත් කිරීම අවශ්‍ය නොවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.කෙසේ වෙතත්, තත්ත්වයේ වෙනසක් වුවහොත් ඕනෑම මොහොතක ක්‍රියාත්මකවීමට අමෙරිකාව සූදානමින් සිටින බව ඔහු පවසා ඇත.මේ අතර, ඉරානය සම්බන්ධ ගැටුම සඳහා සාමකාමී විසඳුමක් ලබා ගැනීමට කටාර් රාජ්‍යය සහ සෞදි අරාබිය දැඩි උනන්දුවක් දක්වන බවත්, එහෙත් අවශ්‍ය වුවහොත් යළිත් හමුදා ප්‍රහාර එල්ල කිරීමට එක්සත් ජනපදය සූදානමින් සිටින බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳුදා රොයිටර් පුවත් සේවයට පැවසීය.මීට පෙර කටාර් අග්‍රාමාත්‍යවරයා හමුවූ ට්‍රම්ප් ප්‍රකාශ කළේ, කටාර් රාජ්‍යය මෙන්ම සෞදි අරාබිය ද "සාමකාමී විසඳුමක් දැකීමට කැමැත්තෙන් සිටින" බවයි.කෙසේ වෙතත්, අවශ්‍ය ඕනෑම මොහොතක ප්‍රහාර එල්ල කිරීමට තමන් සූදානමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
"ඉරානයට එරෙහිව ප්‍රහාර 'මේ මොහොතේ' අවශ්‍ය නෑ, ඕනි වුණොත් ප්‍රහාර එල්ල කිරීමටත් සූදානම්"
මැදපෙරදිග ගැටුම් අවසන් කිරීමේ ධනාත්මක තත්ත්වයක් පවතින නිසා, මේ මොහොතේ ඉරානයට එරෙහිව නව ප්‍රහාර දියත් කිරීම අවශ්‍ය නොවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
මූලාශ්‍ර: Ada Derana සිංහල






