මහනුවර නගර ප්‍රදේශය ආවරණය වන පරිදි පුළුල් තදාසන්න දුම්රිය ජාලයක් සංවර්ධනය කිරීමේ අරමුණින් නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා වන ශක්‍යතා අධ්‍යයනයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන විෂය පථයට පහත කරුණු ඇතුළත් වේ.පේරාදෙණිය හරහා කඩුගන්නාව සිට ගම්පොළ දක්වා ප්‍රධාන දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත් කිරීම.පේරාදෙණිය සිට කටුගස්තොට දක්වා මාතලේ දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත් කිරීම.පවතින තනි දුම්රිය මාර්ගය හේතුවෙන් මතුවී ඇති ධාරිතා අවහිරතාවන් ඉවත් කර, දුම්රිය ජාලයේ විශ්වසනීයත්වය හා සම්බන්ධතාව වැඩි දියුණු කිරීම සඳහා මෙම සංවර්ධන කටයුතු අත්‍යවශ්‍ය වන බව හඳුනාගෙන ඇත.
සරසවි උයන සහ පේරාදෙණිය අතර මහවැලි ගඟ හරහා නව දුම්රිය පාලමක් ඉදිකිරීමට අනුමැතිය
මහනුවර නගර ප්‍රදේශය ආවරණය වන පරිදි පුළුල් තදාසන්න දුම්රිය ජාලයක් සංවර්ධනය කිරීමේ අරමුණින් නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා වන ශක්‍යතා අධ්‍යයනයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.
මූලාශ්‍ර: Ada Derana සිංහල





