මෑතකදී බාල ගල්අඟුරු ආනයනයෙන් සිදුවූ පාඩුව විදුලි පාරිභෝගිකයින් මත පැටවීමක් නොකරන බවට ප්‍රතිඥාවක් ලබා දෙන්නේ නම් ඊට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බව පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අද (10) අභියාචනාධිකරණයට දැනුම් දුනි.බාල ගල්අඟුරු ආනයනය තුළින් සිදුවන පාඩුව විදුලි පාරිභෝගිකයින් වෙත පැටවීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා විසින් ගොනු කර තිබෙන පෙත්සමක් අද අභියාචනාදීකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා මෙම දැනුම් දීම සිදු කළේය.
බාල ගල්අඟුරු සිද්ධිය ගැන ගොනුකළ පෙත්සම සම්බන්ධයෙන් අධිකරණයට කළ දැනුම්දීම
මෑතකදී බාල ගල්අඟුරු ආනයනයෙන් සිදුවූ පාඩුව විදුලි පාරිභෝගිකයින් මත පැටවීමක් නොකරන බවට ප්‍රතිඥාවක් ලබා දෙන්නේ නම් ඊට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බව පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අද (10)…
මූලාශ්‍ර: Ada Derana සිංහල





