2008 වසරේ මඩකලපුව ප්‍රදේශයේ දී ටී-56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා පුද්ගලයින් පස්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය විනායගමූර්ති මුරලිදරන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු තිදෙනා ලබන 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
මෙම සිද්ධියේ තෙවැනි සැකකරු ලෙස නම් කර සිටින නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ සූම් තාක්ෂණය ඔස්සේ අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාරය පියවරගෙන තිබුණා.
එහිදී මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.දර්ශනි මහත්මිය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.





