කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ පසුගියදා ඇතිවූ අධික වැසි හමුවේ මාර්ග ඇතුළු ස්ථාන රැසක් ජලයෙන් යටවීම සම්බන්ධව අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් දැක්වීමක් සිදුකළේය.එහිදී නැගුණු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ කොළඹ නගර සභා සීමාව තුළ ජලය බැස යන කාණු පද්ධතියේ සහ ඇළ මාර්ගයේ සම්පූර්ණ දිග ප්‍රමාණය කිලෝමීටර් 469ක් වන බවය.2014 සිට මේ වන තෙක් විවිධ ප්‍රතිසංස්කරණ සහ නඩත්තු කටයුතු කිරීම් හමුවේ කිලෝමීටර් 20ක පමණ දුර ප්‍රමාණයක් පැයකට මිලිමීටර් 102ක වර්ෂාපතනයක් හමුවේ ජලය බැස යාමට සකස් කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.අමාත්‍යවරයා පැවසුවේ මෙලෙස ජලය රැඳී තිබීම සහ කොළඹ නගර සීමාව තුළ ස්ථාන රැසක් ජලයෙන් යටවීම අවිදිමත් ඉදිකිරීම් සහ අනවසර පදිංචි කිරීම් මෙන්ම අවිධිමත් ලෙස කුණු කසළ බැහැර කිරීමට හේතුව බවය.මේ හේතුවෙන් මෙම කටයුතු නැවත නිවැරදි කර කාණු පද්ධති පිළිසකර කිරීම සඳහා ජනතා සහයෝගයද අත්‍යවශ්‍ය වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මහ වැස්සෙන් යටවූ කොළඹ ගැන ඇමති නලින්ද දැන් කියන කතාව
කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ පසුගියදා ඇතිවූ අධික වැසි හමුවේ මාර්ග ඇතුළු ස්ථාන රැසක් ජලයෙන් යටවීම සම්බන්ධව අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් දැක්වීමක් සිදුකළේය.
මූලාශ්‍ර: Ada Derana සිංහල




