මැතිවරණ රාත්‍රිය ඩිමොක්‍රටික් පක්ෂයට සැබෑ සිහිනයක් විය.ඔවුන් සතුටට පත්වීමට ප්‍රමාණවත් හේතු තිබුණ ද එළැඹෙන ජනවාරි මාසයේදී යථාර්ථයට මුහුණ දීමට සිදු වනු ඇත.එළැඹෙන වසරේදී ඩිමොක්‍රටික් පක්ෂය කොංග්‍රසයේ සභා දෙකම (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව) තම පාලනය යටතට ගනු ඇත්තේ දැවැන්ත ජයග්‍රහණයක් අත්කර ගනිමිනි.ඩිමොක්‍රටික් පක්ෂයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල නායක හකීම් ජෙෆ්රීස් (Hakeem Jeffries) ඉතාමත් උද්දාමයෙන් ප්‍රකාශ කළේ, "අද අමෙරිකාවේ පුනරාවර්තනයක ආරම්භය සනිටුහන් වනවා" යනුවෙනි.ඔවුන් මැතිවරණ ව්‍යාපාරය අතරතුර දුන් පොරොන්දු රැසක් ඉටු කිරීමට නියමිතය. ඒ අතර ප්‍රධාන වන්නේ, දූෂණ තුරන් කිරීම, සෞඛ්‍ය සේවා, ආහාර ද්‍රව්‍ය සහ ඉන්ධන මිල අඩු කිරීම සහ ඉරාන යුද්ධය අවසන් කිරීම වැනි පොරොන්දුය.නමුත් ඔවුන්ට එම සැලසුම් ක්‍රියාවට නැංවීමේදී දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවනු ඇත.
කොංග්‍රසයේ බලය අල්ලා ගත්තත් ඩිමොක්‍රටික් පක්ෂයට කළ හැකි සහ කළ නොහැකි දේ
මැතිවරණ රාත්‍රිය ඩිමොක්‍රටික් පක්ෂයට සැබෑ සිහිනයක් විය.ඔවුන් සතුටට පත්වීමට ප්‍රමාණවත් හේතු තිබුණ ද එළැඹෙන ජනවාරි මාසයේදී යථාර්ථයට මුහුණ දීමට සිදු වනු ඇත.එළැඹෙන වසරේදී ඩිමොක්‍රටික් පක්ෂය කොංග්‍රසයේ සභා දෙකම (නියෝජිත…
මූලාශ්‍ර: Ada Derana සිංහල




