බ්‍රිතාන්‍ය ලේඛක එම්. ජෝන් හැරිසන් 2026 වසරේ කීර්තිමත් බුකර් සාහිත්‍ය සම්මානය දිනා ගැනීමට සමත්ව තිබේ.ඒ ඔහු විසින් රචිත The End of Everything නවකතාව වෙනුවෙනි.මෙහි විශේෂත්වය වන්නේ වයස අවුරුදු 81ක් වන හැරිසන්, බුකර් සම්මානය දිනාගත් ඉතිහාසයේ වයස්ගතම ලේඛකයා බවට පත්වීමයි.මීට පෙර එම වාර්තාවට හිමිකම් තබා ඇත්තේ, 2019 වසරේදී බර්නාඩින් එවාරිස්ටෝ සමඟ සම සම්මානය දිනාගත් මාග්‍රට් ඇට්වුඩ් ය. ඒ වන විට ඇයගේ වයස අවුරුදු 79කි.ලෝක විනාශයකින් පසු අනාගතයක් ගැන කියවෙන නවකතාවක් පිටු 198කින් සමන්විත The End of Everything නවකතාව, මෙවර බුකර් සම්මානය සඳහා ඉදිරිපත් වූ කෘති අතරින් කෙටිම කෘතිය වීම ද විශේෂත්වයකි.ලෝක ව්‍යාප්ත මහා ව්‍යසනයකින් පසු නුදුරු අනාගතයේ සිදුවන සිදුවීම් පදනම් කරගෙන මෙම නවකතාව නිර්මාණය කර තිබේ.එහි කතාව ප්‍රධාන වශයෙන් චරිත දෙකක් වටා ගොඩනැඟී ඇත.2026 වසරේ බුකර් සම්මානය දිනාගැනීමත් සමඟ අඛණ්ඩව තෙවැනි වසරටත් බ්‍රිතාන්‍ය ලේඛකයෙකුට මෙම සම්මානය හිමිවීම ද විශේෂත්වයකි.
ජෝන් හැරිසන් ඉතිහාසයේ වයස්ගතම බුකර් සම්මානලාභියා බවට පත්වෙයි
බ්‍රිතාන්‍ය ලේඛක එම්. ජෝන් හැරිසන් 2026 වසරේ කීර්තිමත් බුකර් සාහිත්‍ය සම්මානය දිනා ගැනීමට සමත්ව තිබේ. ඒ ඔහු විසින් රචිත The End of Everything නවකතාව වෙනුවෙනි.
මූලාශ්‍ර: Ada Derana සිංහල






