කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් 2026 අයවැය ප්‍රතිපාදන යටතේ නිකවැරටිය ගොවිපළ සියලු පහසුකම්වලින් සමන්විත අභිජනන ගොවිපළක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මේ වන විට ආරම්භ කර තිබෙනවා.
අමාත්‍යාංශය මගින් රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ පශු සම්පත් අංශය නංවාලීම උදෙසා නව ජාතික පශු සම්පත් ප්‍රතිපත්තියක් (National Livestock Policy) ක්‍රියාවට නංවා තිබෙන අතර, ග්‍රාමීය ගොවි ජනතාව ඉලක්ක කරගනිමින් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ඉදිරි වැඩපිළිවෙළ මෙහෙයවීම සඳහා 2026 ජාතික අයවැයෙන් රුපියල් මිලියන 1,000ක මුදලක් වෙන් කර තිබෙනවා.






