විනාශ වූ ගොඩනැඟිලිවල නටබුන් සහ අවතැන් වූවන්ගේ කූඩාරම් මැද, පලස්තීන මනාල මනාලියන් 250ක් වෙනුවෙන් පැවැත් වූ දැවැන්ත සමූහ මංගල උත්සවයක් ගාසා තීරයේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වා තිබේ.ගාසා නගරයේ වෙරළ තීරයේ පිහිටි උත්සව ශාලාවකදී මෙම ඓතිහාසික උත්සවය සංවිධානය කර තිබුණි.එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානුෂීය මෙහෙයුමක් වන 'Operation Gallant Knight 3' යටතේ ක්‍රියාත්මක කරන ලද විශේෂ ව්‍යාපෘතියක් මඟින් මෙය සංවිධානය කර ඇත.යුද්ධය සහ අවතැන් වීම් නිසා දැඩි ආර්ථික අපහසුතාවන්ට මුහුණ දී සිටින තරුණ පරපුරට සහන සැලසීම සහ ගාසා තීරයේ ආදරයට නව ආරම්භයක් සනිටුහන් කිරීම මෙහි අරමුණ විය.මෙම සමූහ මංගල උත්සවය සඳහා අයැදුම්කරුවන් 11,622 දෙනෙකු අතරින් විශේෂ ලොතරැයි ක්‍රමයක් හරහා යුවළයන් තෝරාගෙන තිබීම විශේෂත්වයකි.මංගල උත්සවය අතරතුර යුගදිවියට එළැඹි යුවළ සාම්ප්‍රදායික සංගීතයට අනුව නැටුම්වල යෙදුණු අතර, මංගල සරසන ලද රථ ගාසා තීරයේ වෙරළබඩ මාර්ගය ඔස්සේ ගමන් කළේය.
යුදගිනි මැද මල් පිපුණු ආදරය - ගාසා තීරයේ යුවළ 250ක් යුගදිවියට
විනාශ වූ ගොඩනැඟිලිවල නටබුන් සහ අවතැන් වූවන්ගේ කූඩාරම් මැද, පලස්තීන මනාල මනාලියන් වෙනුවෙන් සමූහ මංගල උත්සවයක් ගාසා තීරයේදී පවත්වා තිබේ.
මූලාශ්‍ර: Ada Derana සිංහල






